Friday, April 19, 2024

General line - 0115112241

"ශිෂ්‍යයෙක් කොහොමද ගුරුවරයාට එරෙහි වන්නේ" ? හුවාවේ නිර්මාතෘ සිදුකළ ප්‍රකාශය ගැන ලොවපුරා අවධානය යොමුවේ

දිනුක් හේවාවිතාරණ




චීනය විසින් ඇපල් සමාගමට එරෙහිව වාරණයක් පැනවීමක් සිදු නොකල යුතු බව හුවාවේ සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රෙන් ෂින්ග්ෆේයි ප්‍රකාශ කර සිටිනවා. සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ අමෙරිකාව විසින් සිදුකරන ලද ක්‍රියාවට චීනය ප්‍රතික්‍රියා දක්වමින් ඇපල් සමාගමේ දුරකථන වර්ජනය කිරීම නොකළ යුතු බවයි.

" මම විශ්වාස කරනවා එවැනි දෙයක් චීනය තුල සිදු නොවනු ඇති කියලා. නමුත් එවැනි දෙයක් සිදුවුවහොත් ඊට එරෙහිව මුලින්ම විරෝධය පලකරන පුද්ගලයා වන්නේ මමයි" හුවාවේ සමාගමේ නිර්මාතෘ රෙන් ෂින්ග්ෆේයි කියා සිටියා.

" ඇපල් සමාගම කියන්නේ ලොව ප්‍රමුඛ පෙලේ සමාගමක්. ඇපල් සමාගම නොවන්නට ජංගම දුරකථනවල අන්තර්ජාල පහසුකම නැහැ. ඇපල් තමයි මගේ ගුරුවරයා, ඔවුන් අපට වඩා ඉදිරියෙන් සිටින්නේ. ශිෂ්‍යා කොහොමද ගුරුවරයාට එරෙහිව යන්නේ ?" ජංගම දුරකථන නිෂ්පාදනයේ ලොව දෙවන ස්ථානයේ පසුවන හුවාවේ සමාගමේ නිර්මාතෘවරයා සිය සම්මුඛ සාකච්ජාවේදී සදහන් කර සිටියා.

ඔහු නිර්මාණය කරනු ලැබූ හුවාවේ සමාගම අර්බුධකාරී වාතාවරණයක සිටින අවස්ථාවේදී සිදුකළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ලොව විශාල පිරිසකගේ අවධානය යොමුවී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් මාසයේදී හුවාවේ සමාගම සිය රට තුල ආසාදු ලේඛණගත සමාගමක් ලෙසට නම් කරනු ලැබූ අතර ගුගල් සමාගම ඇතුළු අමෙරිකානු සමාගම් කිහිපයක් හුවාවේ සමාගම පැවති වෙළද සම්බන්ධකම් නවතාලීමට තීරණය කරනු ලැබුවා.