Thursday, April 25, 2024

General line - 0115112241

AIA රක්ෂණ සමාගමේ සියවස් සැමරුම නිමිත්තෙන්, ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය




ආසියාවේ සුවහසක් ජනතාවට රැකවරණය  සලසන AIA ඉන්ෂුවරන්ස්,තම සමාගමට සියවසක් පිරීම සැමරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය දක්වමින් කටයුතු කරන බව දැනුම් දී සිටියි.
 
මෙහිදී 2019 වසර තුළ අලෙවි කෙරෙන සෑම ජීවිත රක්ෂණ සැලසුමක් වෙනුවෙන්ම රුපියල් 100 බැගින් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පිරිනැමීමට, AIA රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් අවබෝධතා ගිවිසුමකට එළඹිණි. මෙය  ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත් දිගුකල්  ජීවිත උදාකර දීමේ උතුම් කර්තව්ය උදෙසා AIA හි කැපවීම සනිටුහන් කිරීමේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.  ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන් සංඛ්යානවේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් ඇතිවෙමින් පවතින බැවින් මෙලෙස එක් රැස් වෙන අරමුදල් පිළිකා ප්‍රතිකාර සහ පිළිකා මර්දනය මෙන්ම කළමනාකරණය කිරීම වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.
 
AIA හි ප්‍රධාන විධායක නිලධාරී  වන පන්කජ් බැනර්ජි මෙසේ පැහැදිලි කළේය " පිළිකා වැනි බෝ නොවන රෝග  ශ්‍රී ලංකා ජන සමාජය තුළ මහත් බලපෑම් ඇති කර තිබෙනවා.  ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ වලින් 75%කට හේතු වන්නේ මෙම බෝ නොවන රෝග වන අතර, ජාත්‍යන්තර වශයෙන් මෙම ප්‍රතිශතය 63% ලෙස වාර්තා වෙනවා. අප සමාජයේ සෞඛ්‍යය හා සුවතා මට්ටම් යහපත් තත්ත්වයකට ගොඩනැගීමට පංගුකාරිත්වය දැරීමඅප සමාගමේ ප්‍රමුඛතාවයක්. එබැවින් වර්තමාන සමාජයට පමණක් නොව, අනාගත පරපුර සඳහා ද  යහපත් පසුබිමක් ගොඩනැගීම අපගේ වගකීමක් ලෙස අප සලකනවා".
 
පන්කජ් මහතා තවදුරටත් අදහස් දක්වමින් "මේ දේශයේ ප්‍රබලතම පොදු සෞඛ්‍ය ගැට‍ළුවක් ලෙස සැලකෙන්නේ පිළිකාවන්ය. පිළිකාවන් සඳහා විශේෂ ප්‍රතිකාර රැසක් අවශ්‍ය වන අතර,  එයට අමතරව ඇප කැප වූ යටිතල පහසුකම් සහ යටිතල සේවාවන් පවුලට සහ රෝගීන්ට අත්‍යවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ පිළිකා පිළිබඳ පවතින නවතම දත්ත අනුව, 2011 වසර තුළ දී නව පිළිකා රෝගීන් 17,482ක් හඳුනාගෙන තිබූ අතර, වයස අවුරුදු74ට  ප්‍රථමව  ශ්‍රී  ලාංකිකයකුට පිළිකාවක්‌ වැලඳීමේ සම්භාවිතාවය සෑම 10 දෙනෙකුට එක් අයෙක් ලෙසත් අනාවරණය වී තිබෙනවා.
 
ඒ නිසාම පිළිකා රෝගීන් හට තමන් මුහුණ දෙන්නා වූ මෙම අභියෝගයන්  මධ්‍යයේ ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ සහය මෙන්ම මානසික දිරිගැන්වීම් ලබා දීමටද  ඉදිරිපත් වන්නා වූ මෙවැනි ආයතන සඳහා සහයෝගය ලබාදීම ඉතාමත් වැදගත්.  ශ්‍රී ලංකා පිළිකා සංගමය වැනි විශ්වසනීය ආයතනයක් සඳහා අරමුදල් ප්‍රදානය කිරීම තුළින්  අපගේ උපරිම සහයෝගය ලබා දීම හුදෙක්ම සංගමයකට දායක වීම පමණක් නොව  සමස්ත  ශ්‍රී ලාංකිකයන් හට පිළිකා රෝගය සඳහා මුහුණ දීමටත් එයින් ජයගැනීමට සහය වීම සඳහාත් කෙරෙන සේවයක් බව අපගේ විශ්වාසයයි.
 
 ශ්‍රී  ලංකා පිළිකා සංගමයේ සභාපති වන අශෝක ජයසිංහ මහතා AIAහි මෙහෙවර පිළිබඳව සිය ස්තුතිය පල කරමින්  පැවසුවේ "අප සංගමයේ ඉලක්කය වන්නේ දහසකුත් පිළිකා රෝගීන් හට තම රෝගී තත්ත්වය ජයගැනීමට අවැසි හොඳම ප්‍රතිකාර සහ මානසික සහනය උදාකර දීම  තුළින් උපරිම සහය ලබා දීම වේ.  අප, පිළිකා මර්දනය සහ කළමනාකරණය සම්බන්ධයෙන්   ශ්‍රී  ලංකාව තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන සංවිධානයකි. රෝගියෙකුගේ පසුබිම කුමක් වුවත් ඔවුන්ට අවශ්‍ය  සහායත්, සුරක්ෂිතභාවයත් ලබා දීමට අප උපරිම අයුරෙන් කටයුතු සලස්වන්නෙමු. එබැවින් අපගේ මේ කටයුතු සඳහා AIA රක්ෂණ සමාගම සහයෝගය ලබාදීම පිළිබඳව බොහෝ සේ කෘතඥ වෙමු. රෝගීන්හට උසස්ම ප්‍රතිකාර ලබා දෙන අතර  සමාජය වෙත,පිළිකා හට ගැනීමට හේතු කාරණා පිළිබඳවත්, පිළිකා වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳවත්, පිළිකාවන් ඉක්මනින් නීර්ණය කිරීමේ වැදගත්කම සහ මුල් ප්‍රතිකාර ඉක්මණින් කිරීමේ වැදගත්කම අවබෝධකර දීමටත් අප මේ තුළින් බලාපොරොත්තු වන්නෙමු. පළමු කාර්තුව තුළ AIA රක්ෂණ සමාගම විසින් දැනටමත් අපට වැදගත් මුල්‍ය දායකත්වයක් ලබාදී තිබෙනවා. මෙවැනි සමාගමක් අපට ලබා දෙන සහයෝගය, අතිශයින් අගය කරන අතර එය අපගේ සේවා කටයුතු ඉදිරියට ගෙනයාමට ලැබෙන්නාවූ දිරියක් ලෙස අප සලකනවා"