Saturday, April 20, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කරන්න අදත් මව්වරු පිරිසක් කුරුණෑගල රෝහලට - දඹුල්ල රෝහලටත් පැමිණිලි

කාංචන කුමාර ආරියදාස/සජිත් තිලකරත්න/කසුන් කැළුම්




කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පැමිණිලි කිරිම සදහා අද පෙරවරුවේත් මව්වරුන් පිරිසක් එම රෝහල වෙත පැමිණ තිබෙනවා. මව්වරුන් 20කට අධික සංඛ්‍යාවක් එලෙස පැමිණිලි කිරීම සදහා පැමිණ සිටි බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසුවේ. 

ඊයේ දිනය වනවිට වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පැමිණිලි 51 ලැබී තිබුණා. ලැබෙන පැමිණිලි සටහන් කර ගැනීම සදහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන්, පරිපාලන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්ද අනියුක්ත කර තිබෙනවා. 

මේ අතර අද දිනයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව දඹුල්ල මූලික රෝහලට සහ දඹුල්ල පොලීසියට පැමිණිලි ලැබී තිබුණා. දඹුල්ල මූලික රෝහලට සහ දඹුල්ල පොලීසියට පැමිණිලි 10 ක් ලැබී තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එලෙස දඹුල්ල මූලික රෝහලට පැමිණිලි කළ මවක් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි ඉකුත් 24 වනදා අත්අඩංගුවට ගැණුනේ සැක සහිත ලෙස වත්කම් ඉපැයූ බව කියන චෝදනාව සම්බන්ධයෙන්. මේ වනවිට ඔහුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීම් සිදුකරනවා.