Friday, April 26, 2024

General line - 0115112241

විල්පත්තු නඩුව යළි මුල සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණයෙන් නියෝග

අධිකරණ වාර්තාකරු




විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම ජූලි මස 31 යළි විභාගයට ගැනීමටයි විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙහිදී නියෝග කළේ. විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

ඒ, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, ඇමැති රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙකු වගඋත්තරකරුවන් කරමින්.