Thursday, April 25, 2024

General line - 0115112241

ජපානයේ පාසල් සිසුවියන් පිරිසක් ඉලක්ක කර පිහි ඇණුම් ප්‍රහාරයක් : තිදෙනෙකු ජිවිතක්ෂයට

දිනුක් හේවාවිතාරණ




ජපානයේ ටෝකියෝ අගනුවරට ආසන්නයේදී පුද්ගලයෙකු විසින් එල්ල කරනු ලැබූ "පිහි ප්‍රහාරයකින්" පාසල් දැරියක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මියගිය තිදෙනා අතර මෙම පිහි ප්‍රහාරය එල්ල කරනු ලැබූ සැකකරුද සිටින බවයි වාර්තා වන්නේ.

50 හැවිරිදි සැකකරු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ පාසල් යාමට බස් රථයක් එනතුරු නැවතුම්පලේ සිටි පාසල් සිසුවියන් පිරිසක් ඉලක්ක කර ගෙන බවයි දැනට සිදුකර ඇති මුලික විමර්ශන වලදී හෙළිවී ඇත්තේ. සැකකරු මෙම ප්‍රහාරය සදහා පිහි දෙකක් යොදා ගෙන ඇති අතර පසුව ඔහු විසින්ම ගෙල කපා ගෙන සියදිවි හානිකර ගෙන ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින පුද්ගලයින් 18 දෙනා ගෙන් 16 දෙනෙක්ම පාසල් දැරියන් බවයි එරට පොලිසිය වාර්තා කර සිටින්නේ. මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න මේ දක්වා අනාවරණය වී නොමැත.

සිදුවීම පිලිබදව වාර්තා වීමත් සමග ජපාන අගමැති ෂින්සෝ ඇබේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ " මෙම සිදුවීම ඇසීමෙන් තමන් දැඩිව පත්වූ  කම්පාවට බවයි. සිද්ධියෙන් විපතට පත්වූවන්ගේ පවුල් වලට සිය ශෝකය පලකරන බවද" ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.