Thursday, April 25, 2024

General line - 0115112241

පේරාදෙණියේ සැක සහිත සැත්කම් ගැන සොයන්නත් බලධාරීන් සූදානමින්

දිල්ශාන් තුෂාර




පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ද සැක කටයුතු සිසේරියන් සැත්කම් සිදුව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර සොයා බැලීමක් සිදු කරන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසනවා.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් රෝහලට මෙතෙක් පැමිණිලි ලැබී නොමැති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රෝහල් අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ. එවැනි පැමිණිලි ලැබුණහොත් විමර්ශනයක් සිදු කළ හැකි බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසනායක ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කරුණු දැක්වූයේ මෙලෙසයි.