Friday, April 26, 2024

General line - 0115112241

හානියට පත් මීගමුව කටුවාපිටිය කතෝලික දේවස්ථානයෙහි සිවිලිම ප‍්‍රතිසංස්කරණය සඳහා I - Panel සිවිලිම් ෂීට් පරිත්‍යාග කරයි




ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වාදුන් Idea සමූහ ව්‍යාපාරය, පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවාපිටිය කතෝලික දේවස්ථානයෙහි සිවිලිම ප‍්‍රතිසංස්කරණය සඳහා I - Panel සිවිලිම් ෂීට් පරිත්‍යාගකිරීම පසුගියදා සිදුවිය. සමාජ සත්කාරයක් හා මානව වගකීමක් වන එම පුණ්‍ය කි‍්‍රයාවෙහි පොරොන්දු ඵලකය Idea සමාගමෙහි සභාපති, සම්පත් මායාකඩුව මහතා විසින් අගරදගුරු මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් වෙත පසුගියදා කොළඹ අගරදගුරු නිල නිවසේදී පිළිගන්වනු ලැබීය.

ශී‍්‍ර ලංකාව තුළ ජල ගැලීම්, නායයෑම්, සුළිසුළං වැනි ස්වභාවික ආපදාවන් සිදුවූ සෑම අවස්ථාවකම සැනෙකින් ආපදාවටපත් ජනතාවගේ පිළිසරණට ශී‍්‍ර ලාංකේය ජනතාව ඉදිරිපත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. එමෙන්ම 100%ක් ශී‍්‍ර ලාංකේය සමාගමක් ලෙස Idea සමාගමද මෙරට ජනතාව විපතටපත් සෑම අවස්ථාවකම ඔවුන්ගේ පිළිසරණයට ඉදිරිපත්වීම නිරායාසයෙන්ම සිදු කරනු ලබයි. පසුගිය පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පිළිසකරකිරීම් දායකත්වය ලබාදීමට Idea සමාගම ඉදිරිපත් වූයේ මෙරට කතෝලික ජනතාවට දක්වන දයාබරත්වයක් ලෙසිනි.

ශී‍්‍ර ලාංකේය සමාගමක් ලෙසින් Idea සමාගමේ සැමවිටම ප‍්‍රාර්ථනයවන්නේ ජාති ආගම් භේදයකින් තොරව සියලූ ශී‍්‍ර ලාංකිකයන් එක මවකගේ දරුවන් මෙන් සහජීවනයෙන් ජීවත්වීමය. නමුත් පාස්කු ඉරුදින සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය දැඩි සංවේගයට පත්ව සිටිති. එමෙන්ම විපතට පත් කතෝලික ජනතාවට Idea සමාගමේ සංවේගය පළකරන බවද මායාකඩුව මහතා අගරදගුරු මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන්ට දන්වා සිටියේය.

එමෙන්ම දකුණු ආසියාවේ විශාලතම පොලිමර් කර්මාන්තශාලාව වන Idea සමාගමේ I - panel සිවිලිම් ෂීට් හා I - Roof සෙවිලි නිපදවන කර්මාන්තශාලාව පිහිටා ඇත්තේ මෙම කටුවාපිටිය කතෝලික දේවස්ථානය පිහිටි ප‍්‍රදේශයට ආසන්නයේ වූ කටානෙහිය.

Idea සමාගම විවිධකාර සමාජ සත්කාරක වැඩසටහන් වසර පුරාම කි‍්‍රයාත්මක කරන සමාගමක් ලෙසින්ද ප‍්‍රකටය. Idea සමාගම වඩාත් යොමුවන සමාජ සත්කාරක අංශයන්වන්නේ මෙරට ජනජීවිතය ගොඩනැගීම, සමාජ අභිවෘද්ධිය, ආගමික ස්ථාන ප‍්‍රතිසංස්කරණය කිරීම, පරිසර සංරක්ෂණය, අධ්‍යාපනික හා පාසල් සංවර්ධනයකිරීම ආදී ක්ෂේත‍්‍ර වෙති.
 
Idea සමාගම ගොඩනැගිළි ඉදිකිරීමේදී භාවිතා කෙරෙන දැව වෙනුවට මිනිසාට අහිතකර අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක්ම මෙරට වෙළෙඳපොලට ඉදිරිපත්කිරීමෙන් වන විනාශයට කදිම හා නිවැරදි විසඳුමක් සැපයූ සමාගමකි.

2013 වසරේදී මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් අයිඩියා සමූහ ව්‍යාපාරයේ ‘සිවිලිම’ වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ඉහළ වටිනාකමකින් යුත් වෙළෙඳ සන්නාමයක් බවට පත්වූ අතර එම ‘සිවිලිම’ සන්නාමය යටතේ I - Panel හා I - Roof ප‍්‍රමුඛව තවත් නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් නිපද වේ.