Friday, March 29, 2024

General line - 0115112241

සහරාන් භාවිත කල පරිඝණකය සහ අම්පාර නායකයාට දුන් ලක්ෂ 50ක් සොයා ගැනේ (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකින් පසුව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ අම්පාර දිස්ත්‍රික් නායකයා කල්මුනේ සියාම් විසින් සගවා තිබු රැපියල් මිලියන පහක පමණ මුදලක් අම්පාර පොලීසිය සමග එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් ලක්ෂ 15 ක් මිට දින දෙකකට පමන පෙර සොයාගත් අතර ඉතිරි ලක්ෂ 35 මුදල අද (31) සොයා ගෙන ඇත.

දැනට සති දෙකකට පමන පෙර කල්මුනේ සියාම් අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අතර ඔහුගෙන් ලද තොරතුරැ අනුව මෙම මුදල් සොයා ගෙන තිබේ.

කල්මුනේ සියාම්ගේ මාමාට ඔහු විසින් මෙම මුදල් ලබාදි ඇති අතර ඔහු විසින් එම මුදල් නිවස තුල අල්මාරියක තිබු කලිසම් වල සාක්කුවල සහ සී.ඩී  යන්ත්‍රයක් තුල සඟවා තිබියදී රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව සොයා ගෙන ඇත.  එම මුදල් වලට අමතරව රත්තරන් මාල දෙකක්, කරාබු ජෝඩුවක්, මුද්දක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.

මෙයට අමතරව කල්මුනේ සියාම් විසින් අට්ටාලචේන කලපුවක සගවා තිබු ලැප්ටොප් පරිඝනයක්ද සොයා ගැනිමට බුද්ධි අංශ නිළධාරින් සමත්ව තිබේ.

මැයි මස 26 වෙනි දින සහාරාන් ගේ සහෝදරයා වන සෙයිනි විසින් බොම්බය පුපුරැවා ගැනිමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිඝණකය ලබා දුන් බව කල්මුනේ සියාම් ආරක්ෂක අංශවලට පවසා තිබේ. මෙම පරිඝණකය ඉතාමත් ආරක්ෂාවට තබන ලෙසට සෙයිනි විසින් සහාරන්ගේ අම්පාර නායකයා වන සියාම්ට පැවසු බව පරීක්ෂණවලදි තහවුරැ කරගෙන තිබේ.

ඒ අනුව මෙම පරිඝණකය සහාරන් විසින් භාවිත කල පරිඝණකය බව බුද්ධි අංශ නිළධාරින් විශ්වාස කරයි. මෙම පරිඝණකයේ ඇති දත්ත සොයා ගැනිමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අතර මෙයින් ලබාගන්නා තොරතුරැ ඉදිරි පරීක්ෂණ කටයුතුවලට වැදගත් වෙනු ඇතියි ආරක්ෂක අංශ විශ්වාශ කරයි.