Thursday, April 25, 2024

General line - 0115112241

නුවර පොත් දැක්ම 26 දා සිට - නිල රේඩියෝ අනුග‍්‍රහය Neth Fm




මහනුවර පොත් දැක්ම මෙවරත් පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ලබන ජූනි මස 26 වැනිදා සිට 30 වනදා දක්වා එම පොත් දැක්ම පැවැත්වෙන්නේ කැන්ඩි සිටි සෙන්ටර් හිදියි. ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන මෙවර මහනුවර පොත් දැක්මට මෙවරද Neth Fm රේඩියෝව නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙනවා. 

මෙවර පැවැත්වෙන මහනුවර පොත් දැක්මෙහි තේමාව පැණසර ලොවකට පියාපත් යන්නයි. 

මෙවර පොත්දැක්ම සදහා එක්වන අනුග‍්‍රහක භවතුන් අතර ගිවිසුම් අත්සන් කිරීම සහ ගිවිසුම්පත‍්‍ර ප‍්‍රදානය ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ කොළඹ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී අද (31) පැවැත්වුණා. මෙහිදී අදහස් දක්වමින් එහි සභාපති විජිත යාපා පැවසුවේ මෙවර මහනුවර පොත් දැක්මේදී සාහිත්‍ය කෙත පෝෂණය කරන්නට වෙර දරන දූදරුවන් වෙනුවෙන්ගේ සෞන්දර්ය හැකියාවන් ඔප් නැංවීම සදහා වැඩසහන් කිහිපයක්ම සංවිධාන කර ඇති බවයි.  කැන්ඩි සිටි සෙන්ටර් හි පැවැත්වෙන මෙවර මහනුවර පොත් දැක්ම වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්ද සපයා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මහනුවර අවට ඉන්න අය පමණක් නෙමේ නුවරඑළිය, බදුල්ල, යාපනය, තිි‍්‍රකුණාමලය සහ මඩකලපුව යන දිස්ති‍්‍රක්වල සිටින පාඨකයින්ටද මෙවර ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා වැඩිදුරටත් කියා සිටියේ.