Wednesday, April 24, 2024

General line - 0115112241

රතන හිමිගේ ඉල්ලීම්වලට නගර රැසකදී ජනතාව සහාය පළ කරයි (PHOTOS)

ජූඩ් සමන්ත/රංජිත් රාජපක්ෂ/දිනසේන රතුගමගේ/ඩී.ජේ විජේසිංහ/ලලිත් චාමින්ද




පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසනට සහාය පළ කිරීම වෙනුවෙන් මේ වන විට දිවයින පුරා විවිධ නගරවලදී විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

ඇතැම් නගරවල පෞද්ගලික බස් ධාවනයෙන් සේවකයන් ඉවත් වී ඇති අතර ඇතැම් ස්ථානවලදී කඩ සාප්පු වසා දමා ඊට සහයෝගය පළ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් කරන්දෙණියේ ද මේවනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ කරන්දෙණිය ප‍්‍රදේශයේ සියලූ කඩසාප්පු වසා දමා මෙම විරෝධතාව පවත්වන බවයි.

එමෙන්ම ඇල්පිටිය - අලුත්ගම සහ ඇල්පිටිය - කොළඹ පෞද්ගලික බස්රථ ද ධාවනය නොවන බව ඔහු කියා සිටියා. 

මේ අතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින් ඇතුළු ප‍්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් නිට්ටඹුව නගරයේද අද පෙරවරුවේ විරෝධතා පා ගමනක් පැවැත්වුණා. ඒ, රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින්.

තවත් නගරවලදී උද්ඝෝෂණ සංවිධානය කර ඇති අතර නිහඬ උද්ඝෝෂණයක් ද හලාවත නගරයේදී මේ වන විට පැවැත්වෙනවා.

හැටන් නගරයේදී ද පාගමනක් සහ ආශිර්වාද පූජාවක් ආරම්භ කර තිබෙනවා.

රතන හිමියන් විසින් ආරම්භ කොට ඇති උපවාසයට සහය දැක්වීම වෙනුවෙන් අද (03) උදෑසන වවුනියාවේ දෙමළ වැසියන් කිහිපදෙනෙකුද උපවාසයක් ආරම්භ කළා.

මේ අතර මහනුවර නගරයේද පාගමනක් ක්‍රියාත්මක බවයි වාර්තා වුනේ.    

ගාල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන්වහන්සේලා ඇතුළු පිරිසක් ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ සිට ගාල්ල නගරයට වැඩම කොට ධර්මාපාල උද්‍යානය ඉදිරිපිටදී ආශිර්වාද පිංකමක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.     

(නිහඬ උද්ඝෝෂණයක් හලාවත නගරයේදී)

 

(හැටන් නගරයේදී ද පාගමනක් සහ ආශිර්වාද පූජාවක්)

 

(වවුනියාවේ දෙමළ වැසියන් කිහිපදෙනෙකුද උපවාසයක්)

 

(මහනුවරදී)

 

(ගාල්ල නගරයේදී)