Wednesday, April 24, 2024

General line - 0115112241

බෙල්ජියමේ ප‍්‍රහාර සැලසුමකට දෙදෙනෙක් අත්අඩංගුවට




බෙල්ජියමේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙල්ජියම් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඉකුත් මාර්තු මාසයේ බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් තිස් දෙනෙකුට වැඩි පිරිසක් මියගියා.

කෙසේවෙතත් මෙම සැකකරුවන් එම ප‍්‍රහාරයට සම්බන්ධ බවට මෙතෙක් තොරතුරු හෙළි වී නොමැති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.