Friday, April 19, 2024

General line - 0115112241

ලියාපදිංචි නොකළ මදාසා පාසල් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂවරයෙක් කතා කරයි



ලියාපදිංචි නොකළ මදාසා පාසල් 28,000 ක් පමණ මෙරට තුළ කි‍්‍රයාත්මක බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂවරයෙකු වන රොහාන් ඩයස් පවසනවා. සහරාන් හෂීම්ද මදාසා පාසල්වල නිර්මාණයක් බවයි ඊයේ (04) රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහට එක්වෙමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කියාසිටියේ. 

එල්. ටී. ටී. ඊ. යට එරෙහි යුද්ධයෙන් පසු ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් පැවති අවදානම අඩුවීම පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැනි සිදුවීම්වලට බලපෑ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)