Thursday, April 25, 2024

General line - 0115112241

‘නැස්කෝ 2019’සම්මාන උළෙල සඳහා නාමයෝජනා කැදවීම ඇරඹෙයි

මහේෂ් චතුරංග




ශී‍්‍ර ලංකා අළෙවිකරණ ආයතනය සංවිධාන කරන ‘නැස්කෝ 2019’ සම්මාන උළෙල සඳහා නාමයෝජනා කැදවීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. 

ශී‍්‍ර ලංකාව පුරා විසිරී සිටින විකුණුම්කරුවන්ගේ කාර්යභාරය අගයන මෙම සම්මාන උළලේදී විෂය පථයන් 22 ක් යටතේ සම්මාන පිරිනැමෙන බවයි ඒ පිළිබද කරුණු දැක්වූ ශී‍්‍ර ලංකා අළෙවිකරණ ආයතනයේ සභාපති සුරංජිත් ස්වාරිස් සඳහන් කළේ.

නැස්කෝ වෙබ් අඩවිය ඔස්සේ සම්මාන උළලේ අයදුම් පත්‍රය ලබා ගත හැකියි. අයදුම් පත්‍රය සම්පූර්ණ කර ජුනි මස 28 වැනිදා සවස 5.00ට පෙර ශී‍්‍ර ලංකා අළෙවිකරණ ආයතනයට භාර දිය යුතු වනවා.