Friday, March 29, 2024

General line - 0115112241

රන් දම්වැල ඇතැයි සැලකෙන චෛත්‍ය විනාශ වීමේ අවදානමක (PHOTOS)

ජූඩ් සමන්ත




දුටුගැමුණු රජතුමන්ගේ රන් කඩුව සහ කඩොල් ඇතා බැඳි රන් දම්වැල තැන්පත් කර ඇතැයි සැලකෙන පල්ලම නන්දිමිත‍්‍ර නව වංගු රජ මහා විහාරස්ථානයේ චෛත්‍යය විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා.

විහාරවාසී පොත්තුක්කුලමේ ධීරානන්ද හිමියන් පවසන්නේ විහාරස්ථානයේ කැනීම් කටයුතු කළ ද මේ දක්වා එහි සංරක්ෂණය කිරීම් කිසිවක් සිදු වී නොමැති බවයි.

මේ හේතුවෙන් පවතින වර්ෂාවත් සමග අනාරක්ෂිතව පවතින චෛත්‍යයට හානි සිදුවීමේ අවදානමක් ඇති බව උන්වහන්සේ පෙන්වා දෙනවා. කි‍්‍රස්තු පූර්ව 167 - 131 අතර කාලයේ දුටුගැමුණු රජු දවසේ නන්දිමිත‍්‍ර යෝධයා විසින් මෙම විහාරස්ථානය ඉදි කළ බවටයි ඉතිහාසයේ දැක්වෙන්නේ.