Friday, April 26, 2024

General line - 0115112241

වඩු මඩු තහනම් කරනවා.. ලී මෝල් ව්‍යාපාරිකයින්ට අවුරුදු 5ක් දෙනවා වෙන ජොබ් එකක් හොයාගන්න - ජනපති මෛත්‍රී කියයි




වඩු මඩු මෙන්ම පිටරටින් අනායනය කරන ගස් කැපීම සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර තහනම් කරන බව ජවාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද (06) උදෑසන කොළඹ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

"ගිය සතියේ පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිවුවා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන්න ලංකාවට පිටරටින් ගේන ගස් කපන මැෂින් ගෙන ඒම තහනම් කරන්න.ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද නීති රීති තියෙන රටවල්වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන් තහනම්.ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා.එසේ නැති අය අතේ ගෙනියන මැෂින් පාවිච්චි කරනවා.දුප්පත් අය වඩු මඩු ගහනවා.මම වඩු මඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂිනුත් තහනම් කරනවා.ලී මෝල්වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න...''.