Friday, March 29, 2024

General line - 0115112241

සාධු නාද මැද නේත‍්‍රාභිවන්දනා ධාතූන් වහන්සේ අකුරැස්සට (UPDATE/PHOTOS)




අනාරක්ෂිත බව පහව ගොස් රටට යහපතක් වේවායි සෙත් පතමින් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද ආරම්භ වුණා.

අකුරැස්ස දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයේදී අද පස්වරු 01 සිට ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහත් ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමේ අවස්ථාව සැදැහැවතුන්ට හිමිවනවා.

ඒ වෙනුවෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවූ ධාතූන් වහන්සේ අද දහවල් අකුරැස්ස දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවනු ලැබුවා.









 

-------------------------------------------------------------------------------------

රටට සෙත්පතන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද සිට (UPDATE)

07-06-2019 07:14

අනාරක්ෂිත බව පහව ගොස් රටට යහපතක් වේවායි සෙත් පතමින් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද ආරම්භ වනවා. 

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍යසිංහ ශ‍්‍රී සුගන්ධ කුටියේ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ මෙහිදී සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව උදාවනවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ධාතූන් වහන්සේ අකුරැස්ස දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවීම අද අලූයම ආරම්භ කෙරුණා.

අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවන ධාතූන් වහන්සේ අද පස්වරු එකේ සිට ලබන ඉරිදා අලූයම දක්වා සැදැහැවතුන්ට නමස්කාර කිරීම සදහා අවස්ථාව හිමිවනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිකාරී ශ‍්‍රාස්ත‍්‍රවේදී රදාවෙල විමලජෝති ස්වාමීන් වහන්සේ. 

ඉන් අනතුරුව ධාතූන් වහන්සේ යක්කල අබේසේකරාරාමය විහාරස්ථානය වෙත වැඩම කිරීම සිදු වනවා. ලබන 13 වනදා සිට 17 වනදා දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වීමටයි සියලූ කටයුතු සූදානම් කර ඇත්තේ.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

නේත‍්‍රාභිවන්දනා  ධාතු නමස්කාරය හෙට සිට අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයේදී 

06-06-2019 21:04

 

පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් මෙවර ද නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය හෙට සිට ආරම්භ වනවා.

ඒ, අනාරක්ෂිත බව පහව ගොස් රටට යහපතක් වේවායි සෙත් පතමින්. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍යසිංහ ශ‍්‍රී සුගන්ධ කුටියේ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කිරීමත් සමගයි නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ආරම්භ වන්නේ. 

අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවන ධාතූන් වහන්සේ හෙට පස්වරු එකේ සිට ලබන ඉරිදා අලූයම දක්වා සැදැහැවතුන්ට නමස්කාර කිරීම සදහා අවස්ථාව හිමිවනවා.

ඉන්පසුව ධාතුන් වහන්සේ යක්කල, අභයසේකරරාම විහාරස්ථානය වෙත වැඩම කිරීමට නියමිතයි. අනතුරුව ධාතූන් වහන්සේ ලබන සඳුදා මොණරාගල, බුක්කීරියගොල්ල, ශී‍්‍ර සුදර්මානන්ද විහාරස්ථානය වෙත වැඩම කිරීම සිදු වනවා.

ලබන 13 වනදා සිට 17 වනදා දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වීමටයි මේවනවිටත් සියලූ කටයුතු සූදානම් කර ඇත්තේ.

ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමස්කාර කරමින් නේත‍්‍රභිවන්දනා මහා ධාතු නමස්කාරය හරහා රටට සෙත් පැතීමට සත් සිිතින් එක්වන ලෙස සැදැහැවත් සියලූ දෙනාට නෙත් එෆ් එම් රේඩියෝව ආරාධනා කර සිටිනවා.