Friday, March 29, 2024

General line - 0115112241

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සහ තමන්ගේ වෙනස හේමසිරි හෙළි කරයි

සමන්ත කුමාර




තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ ජනාධිපතිවරයා වෙත බුද්ධි තොරතුරු වාර්තා කළේ අවස්ථා කිහිපයකදී පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු පවසනවා.

අපේ‍්‍රල් 21වනදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා. 

තමන් සහභාගී වූ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවූ බවද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මෙහිදි පැවසුවා.  

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙන් තමන්ට ආරක්ෂක ලේකම්ධූරයේ කටයුතු කිරීමට නිසි බලයක් නොලැබුණු බවයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිිරි ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ වැඩිදුරටත් පැවසුවේ.