Wednesday, April 24, 2024

General line - 0115112241

පාද යාත්‍රාවට ආයෙත් ‘වීථී ලාම්පු’ නිවෙයි (PHOTOS)




අධිකරණයෙන් වාරණ නියෝග ලබාගෙන ජන සටන පාද යාත‍්‍රාව නතර කිරිමට උත්සාහ කළ ආණ්ඩුව දැන් වීථි ලාම්පු නිවා ඊට බාධා කිරිමට උත්සාහ කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ පැවසුවේ ඊයේ (30) දිනයේ පාද යාත්‍රාව නිට්ටඹුව නගරයෙන් අවසන් කිරීමේදී සම්පූර්ණ නිට්ටඹුව නගරයම අඳුරේ තැබීමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබූ බවයි. ඊට පෙර නෙළුම්දෙනියෙන් අවසන් කිරීමේදීද මෙම තත්ත්වයම පැවැති බවත් පැවසුවා.  කෙසේවෙතත් අද (31) දිනයේදී පාද යාත්‍රාව නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා පැමිණෙන බවද පැවසුවා.

ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් තිබුණද අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවද ඊට සිය ප‍්‍රණාමය පුද කරන බවද නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.

අද (31) ජන සටන පාද යත‍්‍රාවේ හතර වන දිනය වනවා.

13256124_1779941765625872_6510094887003188781_n 13686696_1779941758959206_8035092179795381001_n 13882467_1779941735625875_3631073421258128756_n 13892146_1779941718959210_8224493851635598756_n 13903356_1779941755625873_2345071662326931453_n