Saturday, April 20, 2024

General line - 0115112241

ඩිජිටල්කරණයේ ජාතික යුතුකම ශ‍්‍රී ලංකා ටෙලිකොම් සංවිධානයෙන්




සුහුරු ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා සංක‍්‍රාන්තියේ සුවිශේෂී සන්ධිස්ඨානයක් සටහන් කරමින්, ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්‍ෂණයෙන් බලගැන්වෙන ‘ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග’ එළිදැක්වීමේ උත්සවය 2019 ජුනි 11 වැනි අඟහරුවාදා, අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නෙළුම් පොකුණ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මේ ඔස්සේ Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health ආදී වශයෙන් රටේ සමස්ත මෙහෙයුම් ක‍්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ‍්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මග ප‍්‍රකාශට පත්කෙරෙනු ඇත.

සිය ව්‍යාපාරික සංවර්ධනය රටේ සංවර්ධනය බවට පත්කරමින්  ඩිජටල් පරිවර්තනයේ ‘ජාතික යුතුකම’ ඉටුකරනු ලබන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහය ‘අසීමිත ඔබ’ නමින් ගොඩනගනු ලබන සුහුරු ශ‍්‍රී ලංකාවක් හා අසමසම වෙළෙඳපොල නායකත්වයක් කරා වූ ඩිජිටල්කරණයේ ගමන්මගට මුලපිරීම ජුනි 11 වැනිදා පැවැත්වෙන මෙම උත්සවයේදී සිදුකෙරෙනු ඇත.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ‘අසීමිත ඔබ’ නම් මෙම දැවැන්ත සංකල්පය ඔස්සේ, එකකින් එකක් උපකාර වන සේ සිය සේවකයන්, පාරිභොගිකයන් සහ රටේ පුරවැසියන් යන පාර්ශ්ව ත‍්‍රිත්වයේම හැකියාවන් අසීමාන්තිකව පුළුල් කිරීම සඳහා වූ යටිතලය සංවර්ධනය කරනු ලබයි. 

රටේ අනාගත ඩිජිටල් සැලසුම උදෙසා මුල්ගල තැබෙන මෙම ජාතික ව්‍යාපෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැුකියා සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මැතිතුමා සමග ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය අජීත් පී පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු රාශියක් ද, අදාළ අමාත්‍යංශවල ලේකම්වරු ඇතුළු නිලධාරීන් ද, ශ‍්‍රී ලංකා ටෙලිකොම් පි.එල්.සී සමූහයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා, එහි අධ්‍යක්‍ෂමණ්ඩලය සහ එහි නිලධාරීන් ද රටේ නමගිය ව්‍යාපාරික ප‍්‍රජාව හා පාරිභෝගිකයන් ද එක්වනු ඇත.

මෙදින පෙරවරුවේ, රටේ ඩිජිටල් සංක‍්‍රාන්තියේ වැඩි කාර්යභාරයක් පැවරෙන තරුණ ප‍්‍රජාව වෙනුවෙන් විශේෂිත තරුණ සමුළුවක් පැවැත්වේ. පස්වරු 2.00 ට දැනුවත් කිරීමේ වැඩසටහනක්  පැවැත්වෙන අතර ‘ඩිජිටල්කරණයේ ගමන් මග’ එළිදැක්වීම පස්වරු 4.30ට පැවැත්වීමට යෙදී තිබේ.