Friday, March 29, 2024

General line - 0115112241

දැඩි තින්දුවක් ගන්නා බව ජනාධිපති විශේෂ කැබිනට් රැස්විමේදි ප්‍රකාශ කරයි

දිනුක් හේවාවිතාරණ




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවාව සහ ජාතික ආරක්‍ෂාව ගැන කිසිදු තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය විරෝධය පළකර තිබෙන බව වාර්තා වනවා.

ඉදිරියේදිත් කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන් නම් තමන් කැබිනට් රැස්විම් වලටද ඉදිරියේදි සහභාගි නොවන බවත් ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය ලබා නොදෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇති බවට වාර්තා වනවා.

බුද්ධි අංශ නිලධාරින් ප්‍රසිද්ධියේ කැදවා ඔවුන්ගෙන් මාධ්‍ය හමුවේ බුද්ධි තොරතුරු විමසිම මගින් බුද්ධි අංශ සාමාජිකයින් මෙන්ම රටේ ජාතික ආරක්ෂාවටද එය දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇතිවන බවට මෙහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේවන විට පෙත්සම් කිහිපයක්ම විභාග කරන අවස්ථාවක තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත්, නිතිපතිවරයාගෙන් ලද එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් එයට ප‍්‍රතිචාරයක් ලැබී නැති බවටද ජනාධිපතිවරයා කැබිනට් රැස්විමේදි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.