Friday, April 19, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකමට දෙවන දිනටත් සැදැහැවතුන් රැසක් (UPDATE)

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




අනාරක්ෂිත බව පහව ගොස් රටට යහපතක් වේවායි සෙත් පතමින් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අකුරැස්ස දීගල, ශ්‍රී වර්ධන පිරිවෙන් විහාරස්ථානයේදී මේවනවිටත් පැවැත්වෙනවා. ඒ දෙවන දිනටයි. ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර. 

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට එක්වූ සැදැහැවතුන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී වන්දනාවට පාත්‍ර වන ධාතූන් වහන්සේ හෙට (09) පෙරවරුවේ යක්කල ශ්‍රී අබේසේකරාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනවා.

පස්වරු 01 සිට එම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවනු ඇති. එරංග සේනානායක පදනම, විහාරස්ථ දායක සභාව, යක්කල ව්‍යාපාරික ප්‍රජාව සහ ගම්පහ මහ නගර සභාව ඒ සඳහා සංවිධාන ශක්තිය ලබා දෙනවා. 
 

...............................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකමට සැදැහැවතුන් රැසක් (UPDATE)

(08-06-2019 12:40)

අකුරැස්ස දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්වීම සඳහා සැදැහැවතුන් රැසක් එම විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිනවා. අනාරක්ෂිත බව පහව ගොස් රටට යහපතක් වේවායි සෙත් පතමින් මෙම පිංකම සංවිධානය කර තිබෙනවා.

පොසොන් පුර පසලොස්වක පොහොය මූලික කරගනිමින් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන මෙම පිංකම පිළිබඳ අදහස් දක්වන අකුරැස්ස, දීගල ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති සීනිපැල්ලේ විමලරතන හිමියන් සඳහන් කරන්නේ මෙම අවස්ථාව මහත් අගය කොට සැලකිය යුත්තක් බවයි.

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට එක්වූ සැදැහැවතුන් කිහිප දෙනෙකුද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. එහිදී සිය ප්‍රදේශයේදී ලැබුණු මෙම අවස්ථාව පිළිබඳව සතුටු වන බවත් ඊට ගෞරව කරන බවත් සඳහන් කළා. 

මෙලෙස සැදැහැවතුන්ට වන්දනා කිරීමට අවස්ථාව උදාවන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ.

අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවූ ධාතූන් වහන්සේ හෙට (09) අලුයම දක්වා සැදැහැවතුන්ට නමස්කාර කිරීම සදහා අවස්ථාව හිමිවනවා.

ඉන් අනතුරුව ධාතූන් වහන්සේ හෙට යක්කල අබේසේකරාරාමය විහාරස්ථානය වෙත වැඩම කෙරෙන අතර එහිදී ලබන 10 වැනිදා දක්වා ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

අනතුරුව ධාතූන් වහන්සේ ලබන 11 වැනිදා මොණරාගල, බුත්ගිරියගල්ල සුදර්මානන්ද විහාරස්ථානයට වැඩම කෙරෙනවා. 

එහිදී පසුදින දක්වා සැදැහැවතුන්ට ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට අවස්ථාව හිමි වනවා. ලබන 13 වැනිදා සිට 17 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වීමටයි සියලූ කටයුතු සූදානම් කර ඇත්තේ.
 

-------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දෙවැනි දිනය අද (UPDATE) (PHOTOS)

(08-06-2019 08:27)

 

අනාරක්ෂිත බව පහව ගොස් රටට යහපතක් වේවායි සෙත් පතමින් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දෙවන දිනටත් අකුරැස්ස දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයේ අද (08) පැවැත්වෙනවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍යසිංහ ශ‍්‍රී සුගන්ධ කුටියේ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ මෙහිදී සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව උදාවනවා. 

අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවූ ධාතූන් වහන්සේ හෙට (09) අලුයම දක්වා සැදැහැවතුන්ට නමස්කාර කිරීම සඳහා අවස්ථාව හිමිවනවා. 

ඉන් අනතුරුව ධාතූන් වහන්සේ යක්කල අබේසේකරාරාමය විහාරස්ථානය වෙත වැඩම කිරීම සිදු වනවා. ලබන 13 වැනිදා සිට 17 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වීමටයි සියලූ කටයුතු සූදානම් කර ඇත්තේ.

සාධු නාද මැද නේත‍්‍රාභිවන්දනා ධාතූන් වහන්සේ අකුරැස්සට (UPDATE/PHOTOS)