Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති මෝදී කොච්චිකඩේ දේවස්ථානයට (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා බෝම්බ ප්‍රහාරයට ගොදුරුවූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නැරඹීමට පැමිණියා.

එහිදී ඉන්දීය අගමැතිවරයා සමග රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද පැමිණි අතර කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සහ කොච්චිකඩේ දේවස්ථානය භාර පියතුමන්ද එක්ව සිටියා.

දේවස්ථානයට පැමිණි අගමැතිවරයා මල් කළඹක් තැන්පත් කරමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ ජනතාව වෙනුවෙන් සිය ගෞරවය පිරිනමනු ලැබූ අතර පසුව බෝම්බ ප්‍රහාරයට අළලා එහි ප්‍රදර්ශනයට තබා තිබු ජයාරූපද නැරඹු බවයි වාර්තා වන්නේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු මෙරට සංචාරය කරනු ලබන පළමු විදේශ රාජ්‍ය නායකයා වන්නේද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතායි.