Friday, April 26, 2024

General line - 0115112241

නිල මෙහෙවරේදී හිඟ බදුත් අයකර ගනී




පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සිදු කෙරුණු නිල මෙහෙවර ජාතික ජංගම සේවය සම්බන්ධයෙන් මහජනතාව සිය ප‍්‍රසාදය පළ කරනවා.

මෙය සංවිධාන කෙරුණේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්. මාධ්‍ය අනුග‍්‍රහය ලබාදුන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි. සමාප්ති උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (30) පැවැත්වුණා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක් වූ කිහිප දෙනෙක්ම සඳහන් කළේ රජයේ කාර්යාලයකට ගොස් සිදුකර ගැනීමට හැකිවන දේකට වඩා දෙයක් මේ හරහා ලබා ගැනීමට හැකි වූ බවයි.

මේ අතර මෙතෙක් අය කර ගැනීමට නොහැකි වී තිබූ බදු මුදල් රජයට අයකර ගැනීමටද නිල මෙහෙවර ජාතික ජංගම සේවයේ දී හැකි වූ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවා. ඒ අනුව රුපියල් ලක්ෂ 04 කට වඩා වැඩි බදු ප්‍රමාණයක් අයකර ගැනීමට හැකි වූ බවත් තවත් රුපියල් ලක්ෂ 100 ක පමණ හිඟ බදු අය කර ගැනීමට හැකියාව පැවැති බවත් සඳහන් කළා. එමෙන්ම ජනතාවගේ අනවසර ඉඩම් ගැටළු සම්බන්ධනේද මෙහිදී අවශ්‍ය කරන පියවරයන්ට එළඹි බවත් පැවසුවා.

නිල මෙහෙවර ජාතික ජංගම සේවය ඉදිරියේදී සෙසු දිස්ති‍්‍රක්කවලද සංවිධාන කිරීමට අපේක්‍ෂා කරන බවයි ඊයේ පැවති සමාප්ති උත්සවයෙන් පසුව අමාත්‍ය වජිර අබේවර්ධන කියාසිටියේ.