Wednesday, June 26, 2019
Hotline - 0770586666

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් හිමියන් සැකයක් මතු කරයි

ලලිත් චාමින්ද/රවින්ද්‍ර චන්ද්‍රලාල්

10877Views

 

 

 



පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළිබඳ තමන්ට ගැටළුවක් ඇතැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

සෙසු සිද්ධීන්වල පරීක්‍ෂණ මෙන් මෙම සිද්ධියේ පරීක්‍ෂණද නිසි පරිදි සිදු නොවීමට ඉඩ ඇති බවට තමාට සැකයක්ද පවතින බවයි කාදිනල්තුමන් ප‍්‍රකාශ කළේ.

දූෂණය නොමැති කිසිඳු තැනක් ශී‍්‍ර ලංකාවේ කිසිම තැනක නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සියළු දෙනා නීතිරිති උල්ලංඝණය කිරීමට පුරුදු වී ඇති බවද කාදිනල්තුමන් ප‍්‍රකාශ කළා.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළේ අක්මීමණ, තල්ගස්යාය ප‍්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලක පැවති සංවත්සරික උත්සවයකට එක්වෙමින්.