Friday, April 19, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකා - බටහිර ඉන්දීය කොදෙව් තරගයට වර්ෂාවෙන් බාධා

සමීර ගොඩපිටිය




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩාම අතර තරගයට තවදුරටත් වර්ෂාවෙන් බාධා පැමිණ තිබෙනවා. කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.

ඒ අනුව දකුණු අප්‍රිකා ඉණිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ ක්වින්ටන් ඩි කොක් සමගින් හෂීම් අම්ලායි. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 29ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ක්වින්ටන් ඩි කොක් ලකුණු 17 යි. තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ සවුත් හැම්ප්ටන්හිදීයි. 

....................................................

කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුව අතට ගනී

(10-06-2019 15:13)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය දැන් පැවැත්වෙනවා. ඒ, සවුත්හැම්ප්ටන් හිදීයි. කාසිය වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා. දකුණු අප්‍රිකාව සහ කොදෙව්වන් අද තරගයට එක් වන්නේ වෙනස්කම් දෙකක් ද සහිතවයි.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට ඩැරන් බ්‍රාවෝ සහ කෙමාර් රෝච් කැඳවා තිබෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඒඞ්න් මාක්‍රම් සහ බර්න් හෙන්ඩි්‍රක්ස් එක්ව සිටිනවා.  ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහභාගී වූ තරග තුනම පරාජය  වී ඇති අතර මෙම තරගය ජය ගැනීම හෝ පරාජය වීම මත ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වනු ඇති.