Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව අද තරග බිමට

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය බි‍්‍රස්ටල් හිදි අද (11) පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතයි.

බි‍්‍රස්ටල්හි මීට පෙර පැවැත්වීමට නියමිත වූ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා. අද තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීමේ වැඩි ඉඩකඩක් පවතින බවටයි වාර්තා පළ වන්නේ.

පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වූ නුවන් ප‍්‍රදීප් අද තරගයට සහභාගි වන්නේ නැහැ. 

තරග 3කට සහභාගි වූ බංග්ලාදේශය මේ දක්වා එක් තරගයක් ජය ගෙන ප‍්‍රසාද ලකුණු 2ක් ලබා මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ පසුවනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 3කට එක් වෙමින් එක් තරගයක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 3ක් ලබා එම සටහනේ පසුවන්නේ 6 වන ස්ථානයේයි.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ලෝක කුසලාන තරග 3ක් පවත්වා ඇති අතර එම සියලූ තරග ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව තිබෙනවා. සමස්තයක් ලෙස දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 45ක්. ඉන් තරග 36ක් ශී‍්‍ර ලංකාව ජයගත් අතර බංග්ලාදේශය තරග 7ක් ජය ගැනීමට සමත් වුණා. 

බංග්ලාදේශය එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 7 වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එහි 9 වන ස්ථානයට හිමිකම් කියනවා.

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර ඊයේ (10) පැවැති තරගය, වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා. 8 වැනි පන්දුවාරයේදී වර්ෂාවෙන් තරගයට බාධා වීමත් සමග නැවත තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් හිමිවූයේ නැහැ. තරගය නතර කරන විට දකුණු අපි‍්‍රකාව කඩුලූ 2ක් දැවී ලකුණු 29ක් ලබා සිටියා. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ප‍්‍රසාද ලකුණ බැගින් පිරිනැමීමට තීරණය කළා. ඒ අනුව ප‍්‍රසාද ලකුණ 3ක් සමගින් බටහිර ඉන්දීය කොදෙව්වන් මේවනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේ රැදී සිටින අතර දකුණු අපි‍්‍රකාවට එම සටහනේ හිමිව ඇත්තේ 9වන ස්ථානයයි.

දකුණු අපි‍්‍රකාවට ලෝක කුසලානය පිළිබද බලාපොරොත්වක් තබා ගැනීමට නම් ඉදිරි තරග 5ම ජය ගැනීමට සිදුවනු ඇති.