Friday, March 29, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මොණරාගල ජනතාවට ලද මහඟු අවස්ථාවක් - මොණරාගල දිසාපතිවරිය පවසයි (UPDATE)

හර්ෂිකා සංජීවනී/සජිත් තිලකරත්න




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මොණරාගල බුක්කීරියගොල්ල ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථානයේදී මේවනවිට පැවැත්වෙනවා. එහි නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.

 

 

.......................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද මොණරාගල බුක්කීරියගොල්ල ශී‍්‍ර සුධර්මානන්ද විහාරස්ථානයේදී (UPDATE)

(11-06-2019 08:44)

අනාරක්ෂිත බව පහව ගොස් රටට යහපතක් වේවායි ප‍්‍රාර්ථනා කරමින් පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගෙන නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අද (11) පස් වන දිනයයි.

දින 02ක් පුරා යක්කල ශ‍්‍රී අබේසේකරාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ගේ වන්දනාවට පාත‍්‍ර වූ ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතූන් වහන්සේ අද මොණරාගල බුක්කීරියගොල්ල ශී‍්‍ර සුධර්මානන්ද විහාරස්ථානය වෙත වැඩම කෙරෙනවා.

ඊයේ මධ්‍යම රාති‍්‍රය ආසන්න වනතෙක්ම ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් යක්කල ශ‍්‍රී අබේසේකරාරාම විහාරස්ථාවනය වෙත පැමිණියා.

අද උදෑසන එම විහාරස්ථානයේ පැවැති කිරි ආහාර පූජාවෙන් පසු ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතූන් වහන්සේ මොණරාගග බුක්කීරියගොල්ල ශ‍්‍රී සුධර්මානන්ද විහාරස්ථානය වෙත වැඩම කරවීම ආරම්භ කෙරුණා. 

මොණරාගල බුක්කීරියගොල්ල ශ‍්‍රී සුධර්මානන්ද විහාරස්ථානය වෙත වැඩම කෙරෙන ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා සැදැහැවතුන්ට අද පස්වරු 01 සිට අවස්ථාව හිමි වන බවයි එම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය ගෝනතලාවේ රතනසිරි හිමියන් සඳහන් කළේ. 

(මේ සම්බන්ධ මීට පෙර පළ කළ පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)