Friday, March 29, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මව්පියන් අහිමි වූ දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සඳහා ප්‍රසංගයක් - ප්‍රධාන අනුග්‍රාහකයා AIA

ලහිරු කපුගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මව්පියන් අහිමි වූ දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සඳහා ශ‍්‍රී ලංකා වාණිජ සංගමය සංවිධාන කරන සංගීත ප‍්‍රසංගයේ ප‍්‍රදාන අනුග‍්‍රාහකයා ලෙස AIA  රක්ෂණ සමාගම කටයුතු කරනවා.

එම සංගීත ප‍්‍රසංගය ජූලි 13 වැනිදා පස්වරු 06.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා AIA රක්ෂණ සමාගම සමග තවත් පාර්ශ්ව රැසක් අත්වැල් බැඳගෙන සිටිනවා. 

එම සංගීත ප‍්‍රසංගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් දිසානායක කියා සිටියේ ඉතා උනන්දුවෙන් මෙම කාර්යය සඳහා සිය පාර්ශ්වය එක් වූ බවත් අදාළ පවුල් ගැන මේ වන විටත් සොයා බලා ඇති බවයි.