Thursday, April 25, 2024

General line - 0115112241

අද තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

කසුන් කැලුම්




බංග්ලාදේශය සමග අද (11) පැවැත්වෙන ලෝක කුසලාන තරගයට සහභාගිවීමෙන් පසුව ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

සිය නැන්දනියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා මෙසේ ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අවමංගල්‍ය උත්සවයෙන් පසුව යළිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩාම සමග එක්වීමට නියමිත අතර ලබන 15 වෙනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට ඔහු සහභාගීවීමට නියමිතයි.