Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමේ (UPDATE)

සමන්ත කුමාර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (11) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

ඒ පිළිබද තොරතුරු එංගලන්තයේ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන්.

..........................................................

අද තරගයටත් වර්ෂාවෙන් බාධා

(11-06-2019 16:19)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා. ඒ තරගය පැවැත්වීමට නියමිත බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට තවදුරටත් වැසි ඇද හැලීම හේතුවෙන්. 

බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ යාර 30 සීමාව දක්වා තවදුරටත් වැසි ආවරණ යොදා තිබෙනවා. කාසිය වාසියද මෙතෙක් උරගා බැලුවේ නැහැ.