Friday, April 19, 2024

General line - 0115112241

ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග එළි දැක්වේ (PHOTOS)




සුහුරු ශී‍්‍ර ලංකාවක් ගොඩ නැගීම උදෙසා වූ වැඩපිළිවෙලේ සුව්ශේෂි සංදිස්ථානයක් සනිටුහන් කරමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බල ගැන්වෙන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග එළි දැක්වීම ඊයේ (11) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරුණා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මේ ඔස්සේ Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health ආදී වශයෙන් රටේ සමස්ත මෙහෙයුම් කි‍්‍රයාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශී‍්‍ර ලංකාවක් උදෙසා ගමන්මග ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

‘‘අසීමිත ඔබ’’ නම් සංකල්පය ඔස්සේ කි‍්‍රයාවට නංවා ඇති මෙම වැඩසටහන මගින් සේවකයන්, පාරිභෝගිකයන් සහ රටේ පුරවැසියන් යන පාර්ශ්ව ති‍්‍රත්වයේ හැකියාවන් අසීමාන්තිකව පුළුල් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා.