Wednesday, April 17, 2024

General line - 0115112241

හිස්බුල්ලාව විවේචනය නොකළ හේතුව SB පවසයි

ලහිරු කපුගේ/සමන්ත කුමාර




නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා කාත්තන්කුඩි ප‍්‍ර‍්‍රදේශයේ දී පසුගියා සිදු කළ ප‍්‍රකාශය සමාව දිය නොහැකි ප‍්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පවසනවා.

ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විනය ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි මන්ත‍්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනයක් සිදු නොකලේ ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපතිවරයා වෙත භාරදී තිබීම හේතුවෙන් බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පැවසුවා. 

එහිදී "ඔහු අපේ පක්ෂයේ සාමාජිකයෙක්. පක්ෂයේ මධ්‍යමකාරක සභිකයෙක්. හැබැයි.. ලංකාවේ විතරයි අපි සුළු ජාතිය ලෝකෙ අපි මහජාතියක් කියලා හිස්බුල්ලා ඒ කරපු ප්‍රකාශය මේ වෙලාවේ ඉතාම භයානක ජනතාව ප්‍රකෝප කරවන ප්‍රකාශයක්. මේ නිසා ඔහු පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් පක්ෂ මට්ටමින් ගන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා." යනුවෙන් සඳහන් කළා.