Friday, April 26, 2024

General line - 0115112241

"සියලූ සත්ත්වයෝ දඬුවමට බියවෙති" - මෙවර පොසොන් සතියේ තේමාව වෙයි




පොසොන් සමයේ අනුරාධපුර නගරය හා අවට ප‍්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් එම ප‍්‍රදේශ වෙත ගොස් සිටින බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

පොසොන් සමයේ නීති විරෝධි මත්පැන් ජාවාරම්වල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.  

මේ අතර හෙට (13) සිට ලබන 19 වැනිදා දක්වා අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඊට අමතරව පොසොන් පොහෝ දිනයේදී දිවයින පුරා සියලූ සුරාසැල් වසා තබන ලෙසටයි සුරාබදු දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අද (12) සිට ලබන 18 වැනිදා දක්වා පොසොන් සතිය ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර පොසොන් සතියේ තේමාව වී ඇත්තේ ‘‘ සබ්බේ තසන්ථී දණ්ඩස්ස ’’ සියලූ සත්වයෝ දඬුවමට බියවෙති යන්නයි.