Saturday, April 20, 2024

General line - 0115112241

දකුණේ සිට උතුරට පිරිත් රථයක් පිටත් වේ

හේමන්ත කහවලගේ




උතුර දකුණ බුදුන් දකින පොසොන් උදානය පිංකම් මාලාව, ඓතිහාසික කවුඩුමුන්න රජමහ විහාරස්ථානයෙන් ඊයේ (11) ආරම්භ කෙරුණා.

ඒ පිළිබඳව කරුණු දැක්වූ දඹදෙණිය කවුඩුමුන්න රජමහා විහාරාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති ගින්නලියේ ආයුපාල ස්වාමීන් වහන්සේ සඳහන් කළේ "උතුර දකුණ බුදුන් දකින පොසොන් උදානය කියලා ඓතිහාසික කවුඩුමුන්න රජමහ විහාරස්ථානයෙන් කන්කසන්තුරේ දක්වා පිරිත් දේශනා කරමින් යෑමයි අපේ අරමුණ.  ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරුණු පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් අනතුරුව අද (12) උදෑසන පිරිස් රථයක පිරිත් දේශනා කරමින් දඹදෙණිය, අලව්ව, වරකාපොළ, රුවන්වැල්ල, අවිස්සාවේල්ල, රත්නපුරය දක්වා යනවා. පළවෙනි දවස එහෙම නිමා කරනවා. දෙවැනි දවස බෙලිඅත්ත දක්වා ගමන් කරනවා. තුන්වැනි දවස කන්කසන්තුරේ දක්වා ගිහින් නවතිනවා. ඉන්පසු උතුරේ ඉතා දිළිඳු  දරුවන් 300කට පාසල් පොත් බෙදා දීලා.. දුප්පත් පවුල් වෙත ආධාර දීම ආදී වැඩසටහනක් සිදු කරනවා. ඉන් අනතුරුව 14 වැනිදා හවස 2.00ට පිරිත් දුම්රිය පිටත් වෙනවා. පිරිත් දුම්රිය අනුරාධපුරයට පිටත් වෙලා අනුරාධපුරයේදී මහාපිරිත් සඡ්ඡායනයකින් මෙම වැඩසටහන නිමාවට පත්වෙනවා. " යනුවෙනි.