Friday, April 19, 2024

General line - 0115112241

AIA නව ප්‍රධාන විධායක නිලධාරීවරයා පත්වෙයි




නිකිල් අද්වානි තම ආයතනයේ  නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කළ බව AIA රක්ෂණ සමාගම ප්‍රකාශයට පත් කරනවා. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම 2019 ජූලි මස 01 වැනිදා  සිට බල පවත්වනු ඇති. 

එම ධුරයේ මෙතෙක් ක්‍රියාකාරී ලෙස කාර්යයේ නිරත වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වන පන්කජ් බැනර්ජී හොංකොං හීAIA  සමූහයේ, සමුහ රක්ෂණ සහ සහයෝගිතා, ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්කර ඇති බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

නිකිල් අද්වානි මේ දක්වා සමාගමේ සේවාලාභී උපායමාර්ග, ආයතනික පරිවර්තන සහ අලෙවිකරණ අංශයන් භාරව නායකත්වය දරා තිබෙනවා. ඔහු එම අංශයන් භාරව  දැරූ ප්‍රධාන වගකීම් අතර සමාගමේ රක්ෂණ සැලසුම් නිර්මාණය කිරීම,  සේවාලාභී කළමනාකරණය,  සන්නාම කළමනාකරණය, ආයතනික සන්නිවේදනය, ඩිජිටල් අලෙවිකරණය සහ සමූහ රක්ෂණ මෙහෙයවීම සඳහන් කළ හැකි බවයි සමාගම පෙන්වා දෙන්නේ. 

 2016වසරේදී , AIA  රක්ෂණ සමාගමට  එක්වූ ඔහු , සමාගමේ වර්තමාන  රක්ෂණ සැලසුම් නිර්මාණය කිරීමෙහි ප්‍රධානත්වය දැරූ අතර, සමාගමේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ වර්ධනය සහ ව්‍යාප්තිය මෙහෙයවීම සඳහාත් වටිනා සේවයක් සලසා තිබෙනවා. 

අමෙරිකාවේ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් සහ ඉන්දියාවේ මුම්බායි විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය උපාධියක් ද ඔහු සතුයි.

 

(නිකිල් අද්වානි - නව ප්‍රධාන විධායක නිලධාරී ) 

(හිටපු ප්‍රධාන විධායක නිලධාරී - පන්කජ් බැනර්ජී)