Friday, April 26, 2024

General line - 0115112241

රන්ජන්ට එරෙහි නඩුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

අධිකරණ වාර්තාකරු




අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ඇතුළත් ආඥාවක් මාසයක් ඇතුළත ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නීතිපතිවරයාට නියෝග කළා.

පසුගිය දිනක පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකදී රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවැති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු  කර තිබෙනවා. 

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකුගේ තීන්දුව තම පාර්ශ්වයට වාසි සහගත ලෙසට ලැබෙනු ඇති බවට රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබු බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අද මෙම නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේ තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ ප්‍රකාශයෙන් යම් හෙයකින් අධිකරණයට බලපෑමක් සිදු වූවා නම් ඒ සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවයි සඳහන් කර ඇත්තේ.

ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 30 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මෙම ප්‍රකාශයේ බැලූ බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීමක් කර ඇති බවට නීතිපතිවරයා මීට පෙර අවස්ථාවකදී පවසා සිටයා.