Saturday, April 20, 2024

General line - 0115112241

පැමිණිළි භාර ගැනීම අද 04ට අවසන්

ලහිරු කපුගේ




හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන්, පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති ති‍්‍රපුද්ගල කමිටුවට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානය පවසනවා.

එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු එම ස්ථානයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව නිහඩ සත්‍යකි‍්‍රයාවක ද නිරත වන බවයි. 

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි හා එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි භාර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති ති‍්‍රපුද්ගල කමිටුවට පැමිණිලි භාර ගැනීම අද (12) පස්වරු 4.00ට අවසන් වනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව පත් කෙරුණේ ඉකුත් 4 වැනිදායි. ඊයේ දිනය වනවිට එම කමිටුවට පැමිණිලි 11ක් ලැබී තිබුණා. ඉන් පැමිණිලි 7ක් ඉදිරිපත් වී ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිවයි. අසාද් සාලිට එරෙහිව පැමිණිලි 3ක් සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව එක් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා.