Thursday, April 25, 2024

General line - 0115112241

වයඹ පළාතේ වෛද්‍යවරුන් කුරුණෑගල රෝහල ඉදිරිපිට විරෝධයක

හර්ෂිකා සංජීවනී/ලහිරු කපුගේ




වයඹ පළාතේ වෛද්‍යවරුන් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කර ඇති විරෝධතා සතියට සමගාමීව සහ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි පරීක්ෂණ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස බල කරමින්.

මේ අතර සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළ බවට චෝදනා එල්ල වී සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව මේ වනවිට පැමිණිලි 942ක් ලැබී තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පැවසුවේ ඊයේ (11) දිනය වනවිට කුරුණෑගල රෝහල වෙත පැමිණිලි 790ක් ලැබී තිබුණු බවයි. දඹුල්ල මූලික රෝහල වෙත ඊයේ (11) දිනය වන විට පැමිණිලි 151ක් ලැබී තිබුණා. අද පෙරවරුවේද එක් පැමිණිල්ලක් ලැබුණු බවයි දඹුල්ල මූලික රෝහලේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ.