Thursday, April 25, 2024

General line - 0115112241

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධූරයේ වැඩ බැලීමට එජාපයෙන් නමක් යෝජනා කරයි - ජනපතිගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නෑ

හේමන්ත කහවලගේ




අබ්දුල් හලීම් ඉවත් වීමෙන් පුරප්පාඩු වූ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධූරයේ වැඩ බැලීමට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

එම යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.

මුස්ලිම් අමාත්‍යවරුන් ධූරවලින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ අමාත්‍යංශ සඳහා ඉකුත් දා වැඩ බලන අමාත්‍යවරුන් පත් කෙරුණා. එහෙත් අබ්දුල් හලීම් විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය සඳහා මෙතෙක් වැඩ බලන අමාත්‍යවරයෙකු හෝ පත්කර නැහැ.