Wednesday, April 17, 2024

General line - 0115112241

වර්ජනයේ නිරත ලංගම සේවකයින්ට සාකච්ඡාවක්

හර්ෂිකා සංජීවනී/ලහිරු කපුගේ




වැඩ වර්ජනයක නිරතවන ලංගම සේවකයින් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. 

ජාතික සේවක සංගමයට අයත් ලංගම සේවකයින් ඊයේ (11) මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩ වර්ජනයක නිරත වන්නේ තමන්ට ලබාදුන් උසස්වීම් වලට අදාලව වැටුප් ද වැඩි කරන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

ලංගම සේවකයින්ගේ මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදී ලංකා ගමනා ගමන මණඩලයේ සභාපති උපාලි මාරසිංහ පැවසුවේ වර්ජනය හේතුවෙන් ගාල්ල, මහරගම හා කළවාන යන ප‍්‍රදේශවල ලංගම ඩිපෝවල කටයුතු අඩාල වී ඇති බවයි. එහෙත් අනෙත් සියලූ දිස්ති‍්‍රක්කවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ඔහු ප‍්‍රකාශ කළා.