Saturday, April 20, 2024

General line - 0115112241

තවත් හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට ස්ථීර ති‍්‍රපුද්ගල මහාධිකරණයේ නඩු

අධිකරණ වාර්තාකරු




ජනාධිපති කාර්ය මණ්්ඩල හිටපු ප‍්‍රධානි ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායකට එරෙහිව ස්ථීර ති‍්‍රපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා අල්ලස් කොමිසමට අවසර ලබාදී තිබෙනවා.

ඒ, කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සූත‍්‍ර හා ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබාදීම සදහා ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි 2ක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බලමින් මෙලෙස ඔවුන්ට එරෙහිව ස්ථීර ති‍්‍රපුද්ගල මහාධිකණයේ නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අවසර ලබාදී තිබෙනවා.

අල්ලස් කොමිසම අදාල ඉල්ලීම කළේ මෙම නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේදීයි.