Friday, April 19, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ කලූ අජිත් ඝාතනයේ ප‍්‍රධාන සැකකරු හීනටියන සංඛ අත්අඩංගුවට

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන් ජයසේකර




පාතාල කල්ලි සාමාජිකයෙකු වූ අජිත් කුමාර නොහොත් කලූ අජිත් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන හීනටියන සංඛ  නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගමුව ප‍්‍රදේශයේදීයි. පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සැකකරු අද අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සදහන් කළේ.

කලූ අජිත් නැමැත්තා ඉකුත්දා ජාඇල ඒකල මහවත්ත ප‍්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද ඒකල ප‍්‍රදේශයේදී තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.