Friday, April 26, 2024

General line - 0115112241

ලංකාවේ අරාබි පාසලක් ආරම්භ කරන්න "කිංග්ස්බරි බෝම්බකරු" අයදුම්පතක් සකස් කරලා

දිනුක් හේවාවිතාරණ




කොළඹ කිංග්ස්බරි හෝටලය තුලදි ඉකුත් පාස්කු ඉරිදා බෝම්බය පුපුරුවා හරින ලැබු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් අබ්දුල්ලා නම් ත්‍රස්තවාදියා අවසන් වරට රැඳී සිටි කොළොන්නාව, ජයන්ති මාවතේ නිවසේ තිබි මෙරට අරාබි පාසල් ආරම්භ කිරිම සදහා පුරවන ලද අයදුම්පතක් ඇතුළු ලේඛණ සොයා ගැනිමට හැකිවු බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) දැනුම් දෙනු ලැබුවා.

ශ්‍රි ලංකාවේ අරාබි පාසල් ආරම්භ කිරිමට අදාල අයදුම්පතේ ලේකම්වරයා ලෙස අත්සන් තබා තිබු ඉමුරා ලෙබ්බේ මොහොමඩ් සාජිත් නැමැත්තාද මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව අධිකරණයට කරුණු වාර්තා කර සිටියා.

මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් අබ්දුල්ලා ඇතුළු සැකකරුවන් එඩෙරමුල්ල හා නින්දවුර් ප්‍රදේශයන් හි පිහිටි ආරක්ෂිත නිවාස වල රැදි සිට ඇති බවත් නුවර එළියේදි සොයා ගනු ලැබු පුහුණු කදවුරේදි අවි පුහුණුවද ලබා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදි අධිකරණයට කරුණු වාර්තා කරුණු ලැබුවා.

ඉමුරා ලෙබ්බේ ගෙන් සිදුකරනු ලැබු ප්‍රශ්න කිරිම් වලදි මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් බෝම්බකරු 2014 වර්ෂයේදි ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමග එක්වු බවට කරුණු හෙලිවු බව අපරාධ පරික්ෂන දෙපාර්තමෙන්තුව වාර්තාකර සිටියා.

බෝම්බකරු සමග අවි පුහුණුව ලැබු කාත්තන්කුඩියේ පදිංච් සේනුල් ආබ්දීන් මොහොම්මදු ජසීල් නැමැත්තාද ඉකුත් මැයි මස 30 වෙනිදා අත් අඩංගුවට ගෙන මේ වන විට රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර සිටියා.