Saturday, April 20, 2024

General line - 0115112241

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීමට ඇති හැකියාව සොයා බලන්න : අගමැති

දිනුක් හේවාවිතාරණ




මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවා ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල පනතේ 70 (F) වගන්තිය යටතේ රජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා වෙත ලියා දන්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකට අද (12 ) උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 

අදාල උසස් අධ්‍යාපන ආයතනයේ අයිතිකරුවන් දිගින් දිගටම පසුගියදා කළ ආකාරයේ ජනවර්ග සහ ආගමික කොටස් අතර අසමගිය ඇතිවන සුළු ප්‍රකාශ ප්‍රචාරය කිරීම සිදු කරන්නේ නම්, විශ්ව විද්‍යාල පනතේ 70 F වගන්තිය යටතේ එකී හිමිකරුවන් විසින් පාලනය කරනු ලබන උසස් අධ්‍යාපන ආයතනය රජයට පවරා ගත හැකිදැයි සොයා බලන ලෙස මෙහිදී නීතිපතිවරයා ගෙන් විමසා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (ජුනි 11) සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදීද නැගෙනහිර හිටපු ආණ්ඩුකාර මොහොමඩ් හිස්බුල්ලා විසින් කාත්තන්කුඩියේදි සිදුකර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කොට තිබිණි. ජාතිවාදී කතා දැන්වත් නතර කළ යුතු බවත්,ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් එහිදී ඔහු පැවසීය. 

"අප කටයුතු කළ යුත්තේ,ශ්‍රි ලංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැගෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා." යැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබිණි.