Tuesday, April 16, 2024

General line - 0115112241

තහනම් පොලිතීන් නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවක් පිළියන්දල දී වටලයි

තරංග රුක්ෂාන් ජයසේකර




තහනම් කර ඇති පොලීතින් ආහාර දවටන නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැටලනු ලැබ තිබෙනවා.

ඒ පිලියන්දල ප‍්‍රදේශයේදීයි. මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළේ මෙම කර්මාන්ත ශාලාවේ තිබී තහනම් කර ඇති පොලිතීන් ආහාර දවන ටොන් 1. 5ක් අත්අඩංගුවට ගත් බවයි.

මෙම කර්මාන්ත ශාලාව හිමි කාන්තාව සතුව ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හෝ පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රයක් හෝ වෙනත් කිසිදු නීතිමය ලිියවිල්ලක් නොතිබූ බවයි මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ.

මීට පෙරද මෙම කාන්තාව හෝකන්දර ප‍්‍රදේශයේ මෙලෙසම තහනම් පොලිතීන් කර්මාන්ත ශාලාවක් පවත්වා ගොස් ඇති අතර ඒ හේතුවෙන් අධිකරණයෙන් වරදකාරී වූ තැනැත්තියක් ද වනවා.