Friday, April 19, 2024

General line - 0115112241

"බදියුදීන් ඉන්න ආණ්ඩුවක අපි ඉන්නෙ නෑ"




පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ජනාධිපතිවරයාට හානියක් වන බව පවසමින් කැබිනට් රැස්වීම නොපැවැත්වීම ජනාධිපතිවරයාගේ පුද්ගලික ප‍්‍රශ්නයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහ පවසනවා.

මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (12) රාති‍්‍රයේ එක්වෙමින්. 

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහද ඊයේ පැමිණිල්ලක් භාර දුන්නා. නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු අවධාරණය කළේ රිෂාඞ් බදියුදීන් සම්බන්ධ කර ගන්නා ආණ්ඩුවකට තමා සම්බන්ධ නොවන බවයි.

තීන්දු තීරණ නොගෙන කල්මරමින් සිටින නායකයින් මේ රටට මීළඟට අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කරනවා. මේ රටට අවශ්‍ය වන්නේ ඝෘජු තීරණ ගන්නා නායකයෙන් බවයි පවසා සිටියේ.

ත්‍රස්තවාදීන් සියලු දෙනා ඉතා ඉක්මනින් වෙන් කර හඳුනා ගැනීමට මුස්ලිම්වරු මැදිහත්වී කටයුතු කළොත් මුස්ලිම්වරුන්ටත් අනෙකුත් ජාතීන්ටත් නිදහසේ සිටිය හැකි බවද සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහ සහභාගි වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.