Tuesday, March 19, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මහරගමදී ඇරඹෙයි (UPDATE) 

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




 

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මේවනවිට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී සිදු කෙරෙනවා.

එහි නවතම තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 


සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේ දස නමකගේ ධාතූන් වහන්සේ දැක වැඳපුදා ගැනීමට නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී අවස්ථාව ලැබෙනවා.

එළඹෙන පොසොන් පොහොය දින මධ්‍යම රාති‍්‍රය දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී සැදැහැවතුන්ට නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සමග එක්ව පිං රැස් කර ගත හැකියි. 



 

 

--------------------------------------------------------------------------------------------------------------------------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද මහරගමදී (UPDATE) 

13-06-2019 09:18

නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය යටතේ අද (13) පස්වරුවේ සිට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේ දී ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට ඉඩ සලසා දී තිබෙනවා.

මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී ලබන සදුදා (17) තෙක් නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඊයේ (12) මධ්‍යම රාති‍්‍රය වන තෙක් ධාතූන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනා මානයට පාත‍්‍ර වූයේ මොණරාගල බුක්කීරියගොල්ල ශී‍්‍ර සුධර්මානන්ද විහාරස්ථානයේදීයි.

සැදැහැවතුන් රැසක් ධාතුන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා ඊයේ දිනයේද විහාරස්ථාන භූමියට පැමිණියා.

එහිදී සැදැහැවතුන් පිරිසක් නෙත් නිවුස් වෙත පළ කළ අදහස් පහතින් දැක්වේ.

මොණරාගල බුක්කීරියගොල්ල ශී‍්‍ර සුධර්මානන්ද විහාරස්ථානයේදී දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනා මානයට පාත‍්‍ර වූ ධාතූන් වහන්සේ මේ වනවිට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයට වැඩම කරනු ලබනවා. 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් මෙතැනින්)