Friday, March 29, 2024

General line - 0115112241

"ජනපති මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ ඇති බව පේනවා" - එජාපය කියයි

රවින්ද්‍ර චන්ද්‍රලාල්




රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයපාල හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට සහභාගි නොවීම හේතුවෙන් මතුව ඇති ගැටළුව සුහදව විසදා ගැනීමට සුදානම් බවයි.

"ජනාධිපතිවරයාගෙන් තොර කැබිනට් එක ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයකුත් නෑ...  එවැනි තත්ත්වයකට මුහුණ දෙනකොට ඉතාමත්ම පරෙස්සමින් කටයුතු කළ යුතුයි. අගමැතිගේ උපදෙස් පරිදි ජනාධිපතිතුමා සමග ඉතා සුහදව මේ ගනුදෙනුව බේර ගන්න අපි ලෑස්ති කරලා තියෙනවා. එහෙම නැති වුණොත් ජනාධිපතිවරයාටත් රටේ ජනතාවට වග කියන්න සිද්ධ වෙයි." යනුවෙන්ද සඳහන් කළා.

වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 

එහිදී "මේ අවස්ථාවේ අපිට බොහෝම පැහැදිළිව පේන්න තියෙනවා... රටේ ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා." යනුවෙන්ද සඳහන් කළා.