Thursday, April 25, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක සිද්ධින් 4ක විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා ලබාදෙන්න : නිතිපති පොලිසියට දන්වයි

දිනුක් හේවාවිතාරණ




මහජන කැළඹිමේ සිද්ධින් වලට තුඩුදුන් සිදුවිම් 4ක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන වහා අවසන් කොට එම වාර්තාවන් තමන් වෙතට ලැබිමට සලස්වන්නැයි නිතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දිමක් සිදුකර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කොළඹදි පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිම සහ මුතුර් හි රාජ්‍ය නොවන සංවිධානයක සේවකයින් 17 දෙනෙක් වෙඩි තබා ඝාතනය කිරිම යන සිද්ධින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන් වහාම අවසන් කර එම වාර්තාවන් තමන් වෙතට ලබා දෙන ලෙසයි නිතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා දැනුම් දි ඇත්තේ.

මෙම සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස වැඩබලන පොලිසපති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂකවරයාට නිතිපතිවරයා විසින් දැනුම් දුන් බවයි රජයේ ජේෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියේ.