Saturday, April 20, 2024

General line - 0115112241

රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන තේ කිලෝග‍්‍රෑම් 178 ක් එස් ටි එෆ් භාරයට

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන් ජයසේකර




රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කර ඇති බවට සැක කෙරෙන තේ කොළ කිලෝග‍්‍රෑම් 178 යි ග‍්‍රැම් 400 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, හොරණ විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බුලත්සිංහල, ඉහළ වෙල්ගම, මහගම ප‍්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක සිදුකල වැටලීමකදීයි.

එහි තිබී රසායනික ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර තේ කොළවලින් ලබාගත් සාම්පල් පරීක්‍ෂාව සදහා තේ මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා.